MG09U04P04 - ප්‍රතිශත (Percentages)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 පාවහන් යුගලක් නිෂ්පාදනය සඳහා රු. 1000 ක් වැය වේ. එය රු. 2600 කට විකුණන්නේ නම් ලැබෙන ලාභය කොපමණද?
2 වෙළෙන්දෙක් රු. 20 කට මිල දී ගත් අඹ ගෙඩියක් රු. 18 කට විකුණයි නම් සිදු වූ අලාභය සොයන්න.
3 රු. 25 කට මිල දී ගත් අභ්‍යාස පොතක් රු. 30 කට විකුණන විට ලැබෙන ලාභ ප්‍රතිශතය කොපමණද?
4 ඇඳුම් වෙළෙන්දකු රු. 500 කට මිල දී ගත් කලිසමක් එහි ඇති පලුද්දක් නිසා රු. 450 කට විකුණුවේ නම් අලාභ ප්‍රතිශතය සොයන්න.
5 වෙළෙන්දෙක් රු. 30 000 කට මිල දී ගත් ලී අල්මාරියක් 15% ක ලාභ ප්‍රතිශතයක් ලැබෙන සේ විකුණයි නම් එහි විකුණුම් මිල සොයන්න.
6 රූපවාහිනී යන්ත‍්‍රයක් රු. 22 000 ට විකිණීමෙන් 10% ක ලාභයක් ලබයි නම් එහි ගත් මිල සොයන්න.
7 ක්‍රීඩා භාණ්ඩයක් රු. 6 800 ට විකිණීමෙන් 15% ක අලාභයක් සිදු විය. එහි ගත් මිල කීයද?
8 රු. 1500 ක් වටිනා පොත් මිල දී ගැනීමේදී 20% ක වට්ටමක් හිමි වේ නම් ලැබෙන වට්ටම් මුදල සොයන්න.
9 රු. 2 000 ක අත් ඔරලෝසුවක් අත්පිට මුදලට විකිණීමේදී රු. 250 ක් වට්ටමක් ලබා දෙයි නම් ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න.
10 5% ක කොමිස් ප්‍රතිශතයක් අය කරන ආයතනයක් මඟින් රු. 3 000 000 ක් වටිනා මෝටර් රථයක් විකුණා දීම සඳහා අය කරන කොමිස් මුදල කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න