Paper 03 - අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9 - ද්‍රව මිනුම් (Advanced)

ද්‍රව මිනුම් උසස් මට්ටමේ ප්‍රශ්න පත්‍රය.

ඉතිරි කාලය:
--:--
1 3/4 l යනු මිලිලීටර කීයක්ද?
2 දිග 50 cm, පළල 40 cm සහ උස 30 cm වූ භාජනයක් පිරවීමට අවශ්‍ය ජලය ලීටර කීයද?
3 1.2 m³ ටැංකියක් පිරවීමට ලීටර 20 ක බාල්දි කීයක් අවශ්‍යද?
4 ලීටර 5 ක වතුරෙන් 2/5 ක් පානය කළේය. ඉතිරි වතුර ප්‍රමාණය මිලිලීටර කීයද?
5 විනාඩියකට 400 ml බැගින් කාන්දු වන ටැංකියකින් පැය 1 කදී කාන්දු වන ජලය ලීටර කීයද?
6 දිග 4 m සහ පළල 2 m වන ටැංකියකට වතුර ලීටර 8000 ක් දැමූ විට ජල මට්ටමේ උස මීටර වලින් කීයද?
7 20 cm × 20 cm × 20 cm ඝනක භාජන 5 ක් පිරවීමට අවශ්‍ය මුළු ජලය ලීටර කීයද?
8 4 m³ ටැංකියක් පිරවීමට නළ 2ක් යොදා ගනී. එක් නළයකින් විනාඩියකට ලීටර 25 ක් ද අනෙක් නළයෙන් විනාඩියකට ලීටර 15 ක් ද ගලා එයි නම්, ටැංකිය පිරීමට ගතවන කාලය විනාඩි කීයද?
9 මිලිලීටර 500 ක බෝතල් 24 ක් අඩංගු පෙට්ටියක ඇති මුළු ද්‍රව පරිමාව ලීටර කීයද?
10 රෝහලක රෝගීන් 40 කට එක් අයෙකුට දිනකට ජලය ලීටර 2.5 බැගින් දින 10 කට අවශ්‍ය ජලය ඝන මීටර වලින් කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න