පථ හා නිර්මාණ - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $O$ නම් ලක්ෂ්‍යයක සිට $r$ දුරින් පිහිටි ලක්ෂ්‍යයක පථය කුමක්ද?
2 කෝණයක් හරියටම සමාන කොටස් දෙකකට බෙදන රේඛාව හඳුන්වන්නේ කුමන නමකින්ද?
3 සරල රේඛාවක් මත කෝණය ($180^{\circ}$) සමච්ඡේදනය කිරීමෙන් නිර්මාණය වන්නේ කුමක්ද?
4 දෙන ලද කෝණයක් පිටපත් කිරීමේදී චාප පරතරය මැනීම සඳහා වඩාත් සුදුසු උපකරණය කුමක්ද?
5 සුළඟක් නොමැති විට ගසකින් වැටෙන පොල් ගෙඩියක පථය කුමක්ද?
6 $135^{\circ}$ කෝණයක් නිර්මාණය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
7 ත්‍රිකෝණයක ශීර්ෂ 3 ටම සමදුරින් පිහිටි ලක්ෂ්‍යය සෙවීමට ඇඳිය යුත්තේ මොනවාද?
8 $ABC$ ත්‍රිකෝණයේ $B$ කෝණයේ සමච්ඡේදකය මත $P$ පිහිටයි. $P$ සිට $AB$ ට ඇති ලම්බ දුර $6\text{cm}$ නම්, $BC$ ට ඇති ලම්බ දුර කීයද?
9 $A$ හා $B$ කේන්ද්‍ර වූ, අරය පිළිවෙලින් $5\text{cm}$ හා $4\text{cm}$ වන වෘත්ත දෙකක් එකිනෙක ඡේදනය වේ. $AB$ දුර $7\text{cm}$ කි. ඡේදන ලක්ෂ්‍යය තෘප්ත කරන කොන්දේසිය කුමක්ද?
10 නිධානයක් $A$ ගසට $10\text{m}$ දුරින් ද, $A$ හා $B$ ගස් වලට සමදුරින් ද පිහිටයි. මෙය සෙවීමට අඳින පථ මොනවාද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න