ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 නිවසක් සඳහා කාර්තුවකට ගෙවන බද්ද රු 400 කි. නගර සභාව 8% ක වරිපනම් බද්දක් අය කරයි නම්, නිවසේ වාර්ෂික වටිනාකම කොපමණද?
2 රු 20,000 ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී රු 3000 ක තීරු බද්දක් ගෙවීමට සිදුවිය. තීරු බදු ප්‍රතිශතය කීයද?
3 වාර්ෂික ආදායම රු 1,200,000 ක් වූ අයෙකු ගෙවිය යුතු ආදායම් බද්ද කීයද? (පළමු 500,000 නිදහස්, ඊළඟ 500,000 ට 4%, ඊළඟ 500,000 ට 8%)
4 නිෂ්පාදන වියදම රු 2000 ක් සහ ලාභය රු 500 ක් වූ භාණ්ඩයක් සඳහා 10% ක VAT බද්දක් අය කරයි. මුළු විකුණුම් මිල කීයද?
5 1.5% මාසික පොලියට රු 10000 ක් මාස 4 කට ණයට ගත්තේය. ගෙවිය යුතු මුළු මුදල කීයද?
6 රු 8000 ක ණය මුදලකට වසර 2 ක් අවසානයේ පොලිය රු 1920 ක් ගෙවීමට සිදුවිය. වාර්ෂික සුළු පොලී අනුපාතිකය කුමක්ද?
7 මසකට 2% ක සුළු පොලියට ගත් රු 5000 ක ණය මුදලකට රු 600 ක පොලියක් ලැබීමට මාස කීයක් ගතවේද?
8 25% ක තීරු බද්දක් ගෙවීමෙන් පසු භාණ්ඩයක වටිනාකම රු 50,000 ක් විය. තීරු බදු ගෙවීමට පෙර වටිනාකම කීයද?
9 15% ක VAT බද්දක් සහිතව ජල බිලක් රු 2300 ක් විය. VAT බද්ද රහිතව බිලෙහි වටිනාකම කීයද?
10 15% වාර්ෂික සුළු පොලියට රු 4000 ක් තැන්පත් කළ අයෙකුට රු 5800 ක මුළු මුදලක් ලබාගැනීමට වසර කීයක් ගතවේද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න