ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 වාර්ෂික වටිනාකම රු 30000 ක් වූ නිවසකට 4% වරිපනම් බද්දක් අය කෙරේ. නිවස රු 3000 ක මාසික කුලියට දී ඇති අතර කුලියෙන් 15% ක් නඩත්තුවට වැය වේ. වසර අවසානයේ ඉතිරි වන ශුද්ධ ආදායම කීයද?
2 රු 600,000 ක් වටිනා මෝටර් රථයකට රු 400,000 ක තීරු බද්දක් සහ රු 50,000 ක ප්‍රවාහන කුලියක් එකතු විය. මේ සියල්ලටම 15% ක VAT බද්දක් අය කළේ නම් මුළු වියදම කීයද?
3 2012 වසරේදී ව්‍යාපාරිකයෙකු ගෙවූ ආදායම් බද්ද රු 56,000 කි. (ලක්ෂ 5 නිදහස්, ඊළඟ ලක්ෂ 5ට 4%, ඊළඟ ලක්ෂ 5ට 8%). ඔහුගේ මුළු ආදායම කීයද?
4 මසකට 3% බැගින් රු 2500 ක් සඳහා අවුරුදු 1 මාස 5 කදී ගෙවිය යුතු සුළු පොලිය කොපමණද?
5 වාර්ෂික සුළු පොලී අනුපාතිකය 8% බැගින් රු 6000 කට ලැබෙන වාර්ෂික පොලියම ලැබීමට රු 5000 ක් ණයට දිය යුත්තේ කුමන ප්‍රතිශතයකටද?
6 වසර 2ක් අවසානයේ රු 5000 ක් ගෙවා නිදහස් වීමට ගත් ණය මුදල වසර 5 දක්වා දීර්ඝ කළ විට රු 6500 ක් ගෙවීමට සිදුවිය. වසරකට පොලිය කීයද?
7 ඉහත ගැටලුවේ (6) ණයට ලබාගත් මුල් මුදල කොපමණද?
8 ඉහත ගැටලුවේ අය කළ වාර්ෂික සුළු පොලී අනුපාතිකය කුමක්ද?
9 නගර සභා සීමාවක රු 40,000 ක වාර්ෂික වටිනාකමක් ඇති නිවසකට 5% බද්දක්ද, රු 30,000 ක වටිනාකමක් ඇති කඩයකට 8% බද්දක්ද අය කරයි. වැඩි වාර්ෂික බද්දක් ගෙවන්නේ කුමක් සඳහාද?
10 පුද්ගලයෙකු R% වාර්ෂික පොලියට P මුදලක් T අවුරුදු ගණනකට ණයට ගෙන ඇත. වසර T කට පසු ඔහු ගෙවිය යුතු මුළු පොලිය (I) සඳහා ප්‍රකාශනය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න