සමාන්තර ශ්‍රේඪි - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 මුල් පදය $1$ සහ අවසාන පදය $100$ වන පද $100$ ක ශ්‍රේඪියේ ඓක්‍යය සොයන්න.
2 පද $16$කින් යුත් ශ්‍රේඪියක මුල් පදය $75$ ද, අවසාන පදය $0$ ද වේ නම් ඓක්‍යය සොයන්න.
3 $5, 10, 15, ...$ ශ්‍රේඪියේ මුල් පද $12$ හි ඓක්‍යය සොයන්න.
4 $2, 4, 6, 8, ...$ ශ්‍රේඪියේ පද $30$ ක ඓක්‍යය සොයන්න.
5 $70, 66, 62, ...$ ශ්‍රේඪියේ $2$ යනු අවසාන පදය නම්, එහි පද කීයක් ඇත්ද?
6 ඉහත ප්‍රශ්නයේ සඳහන් ශ්‍රේඪියේ ($70, 66, ... , 2$) පද සියල්ලේ ඓක්‍යය සොයන්න.
7 $-10, -9.7, -9.4, ...$ ශ්‍රේඪියේ පද $20$ක ඓක්‍යය කුමක්ද?
8 ශ්‍රේඪියක මුල් පදය $12$ ද, අවසාන පදය $99$ ද, පදවල ඓක්‍යය $1665$ ද වේ නම් පද ගණන සොයන්න.
9 ඉහත ප්‍රශ්නයේ ශ්‍රේඪියේ පොදු අන්තරය සොයන්න.
10 $13, 11, 9, ...$ ශ්‍රේඪියේ ඓක්‍යය $40$ වීමට ලබාගත හැකි පද ගණන සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න