සමාන්තර ශ්‍රේඪි - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 පොදු අන්තරය $\frac{1}{2}$ හා මුල් පදය $7$ වන ශ්‍රේඪියේ කීවෙනි පදය $27$ වේද?
2 $67, 65, 63, ...$ ශ්‍රේඪියේ පද $12$ ක ඓක්‍යය සොයන්න.
3 සමාන්තර ශ්‍රේඪියක මුල් පද හතරෙහි එකතුව $36$ වේ. $11$ වන පදය $43$ වේ. මෙහි පොදු අන්තරය කුමක්ද?
4 සබන් කැට අසුරා ඇති රාක්කයක පහළම පේළියේ කැට $24$ක් ද, ඊට ඉහළ පේළියේ $21$ක් ද, ඊටත් ඉහළින් $18$ක් ද ඇත. $8$ වන පේළියේ කැට කීයද?
5 ඉහත ගැටලුවේ ඉහළම පේළියේ සබන් කැට $3$ක් පමණක් ඇත්නම්, එහි මුළු සබන් කැට ගණන කීයද?
6 අනුක්‍රමයක $n$ වන පදය $T_n = 3n+4$ වේ. මෙහි පළමු පදය හා පොදු අන්තරය කුමක්ද?
7 $1$ත් $150$ත් අතර $5$ හි ගුණාකාර කීයක් තිබේද?
8 සමාන්තර ශ්‍රේඪියක $5$ වන පදය $34$ ද, $15$ වන පදය $9$ ද වේ නම් $-6$ වන්නේ කී වැනි පදයද?
9 කවාකාර විදුලි පහන් සැරසිල්ලක පළමු කවයේ බල්බ $5$, දෙවන කවයේ $11$, තෙවන කවයේ $17$ ඇත. අවසාන කවයේ බල්බ $35$ නම් කව ගණන කීයද?
10 ඉහත ගැටලුවේ සම්පූර්ණ බල්බ ගණන කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න