කොටස් වෙළෙඳපොළ - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 රුපියල් $20$ බැගින් වූ කොටස් $5000$ ක් මිල දී ගැනීමට අවශ්‍ය මුදල කොපමණද?
2 රුපියල් $80000$ ක් යොදවා රුපියල් $40$ බැගින් වූ කොටස් කීයක් මිල දී ගත හැකිද?
3 මුළු කොටස් $50000$ ක් ඇති සමාගමකින් කොටස් $5000$ ක් මිල දී ගත් අයෙකුගේ හිමිකාරිත්ව ප්‍රතිශතය කීයද?
4 කොටසකට රු $3$ බැගින් ලාභාංශ ගෙවන සමාගමක කොටස් $2500$ කින් ලැබෙන ලාභාංශ ආදායම කීයද?
5 වාර්ෂිකව රු $12000$ ක ලාභාංශයක් ලැබෙන අයෙකු සතුව කොටස් $3000$ ක් තිබේ නම්, කොටසකට ගෙවන ලාභාංශය කීයද?
6 රුපියල් $25$ යේ කොටස් වල රු $50000$ ක් ආයෝජනය කළේය. කොටසකට රු $2$ බැගින් ලාභාංශ ගෙවයි නම් ලාභාංශ ආදායම කීයද?
7 රු $100000$ ක් ආයෝජනය කර රු $15000$ ක වාර්ෂික ආදායමක් ලබයි නම් ලාභාංශ ප්‍රතිශතය කීයද?
8 කොටසක මිල රු $50$ සහ කොටසකට ලාභාංශය රු $4$ වන සමාගමක ලාභාංශ ප්‍රතිශතය කීයද?
9 රු $30$ ට මිල දී ගත් කොටසක් රු $36$ ට විකුණයි නම්, එක් කොටසක ප්‍රාග්ධන ලාභය කීයද?
10 ඉහත 9 වන ප්‍රශ්නයේ ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න