කොටස් වෙළෙඳපොළ - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 රු $40$ බැගින් වූ කොටස් $1500$ ක් මිල දී ගැනීමට යන මුදල කීයද?
2 රු $120000$ කින් රු $60$ යේ කොටස් කීයක් ගත හැකිද?
3 කොටසකට රු $5$ ගෙවන සමාගමකින් රු $15000$ ක ලාභාංශයක් ලැබුවේ නම්, ඔහු සතු කොටස් ගණන කීයද?
4 රු $20$ ට ගත් කොටස් $1000$ ක් රු $24$ ට වික්කේ නම් මුළු ප්‍රාග්ධන ලාභය කීයද?
5 රු $50$ ට ගත් කොටසක් රු $60$ ට විකුණයි නම් ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය කීයද?
6 රමේෂ් රු $80000$ කින් හරි අඩක් රු $20$ යේ කොටස් වල ද, ඉතිරි අඩ රු $40$ යේ කොටස් වල ද ආයෝජනය කළේය. ඔහු සතු මුළු කොටස් ගණන කීයද?
7 A සමාගමේ මිල රු $40$, ලාභාංශය රු $4$. B සමාගමේ මිල රු $25$, ලාභාංශය රු $3$. වඩා වාසිදායක ආයෝජනයේ ලාභාංශ ප්‍රතිශතය කීයද?
8 පුද්ගලයෙකු රු $150000$ කට මිල දී ගත් කොටස් තොගයක් විකුණා රු $180000$ ක් ලබා ගත්තේය. ඔහුගේ ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය කීයද?
9 වර්ෂයක් අවසානයේ ලාභාංශ ලෙස රු $8000$ ක්ද, කොටස් විකිණීමෙන් ප්‍රාග්ධන ලාභය ලෙස රු $12000$ ක්ද ලැබිණි. ආයෝජනය කළ මුළු මුදල රු $100000$ නම්, මුළු ලාභ ප්‍රතිශතය කීයද?
10 කොටසක මිල රු $40$ ව තිබියදී කොටස් $1000$ ක් මිල දී ගත් අයෙකු, වර්ෂයකට රු $4$ බැගින් ලාභාංශ ලබා, පසුව කොටසක් රු $45$ බැගින් විකුණයි. ඔහුගේ මුළු ලාභය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න