ප්‍රශ්න පත්‍රය 03 - උසස්

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 දත්ත සමූහයක අඩුම අගය 45 යි. පරාසය 25 යි. වැඩිම අගය කීයද?
2 25-29 පන්ති ප්‍රාන්තරයේ පහළ මායිම කීයද?
3 මායිම් 19.5 - 29.5 වන පන්තියේ මධ්‍ය අගය කීයද?
4 ව්‍යාප්තියක මුළු සංඛ්‍යාතය 40 යි. අවසාන පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය කීයද?
5 දත්ත 31 ක තුන්වන චතුර්ථකය කීවෙනි ස්ථානයේ ද?
6 කුඩාම පන්ති තරම 10 යි. පන්ති තරම 30 වන පන්තියක සංඛ්‍යාතය 18 යි. එහි තීරුවේ උස කීයද?
7 සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක මුළු සංඛ්‍යාතය 100 යි. Y අක්ෂයේ 75 වන ස්ථානයට අනුරූප X අක්ෂයේ අගය 65 නම්, තුන්වන චතුර්ථකය කුමක්ද?
8 10, 12, 14, 15, 17, 18, 20, 24, 25 දත්ත සමූහයේ පළමු චතුර්ථකය කීයද?
9 පන්ති තරම 10 ක් වන ජාල රේඛයක එක් තීරුවක උස 8 නම්, එම තීරුවෙන් ජනිත වන වර්ගඵලය කීයද?
10 සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් සැමවිටම කෙබඳු හැඩයක් ගනීද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න