සම්භාවිතාව - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $P(A) = 0.6, P(B) = 0.5$ වන ස්වායත්ත සිද්ධි 2ක් සඳහා $P(A \cap B)$ කීයද?
2 වර්ණ 5ක කාඩ්පත් මල්ලකින් ආපසු නොදමා කාඩ් 2ක් ගනී. කොටු දැලේ ලක්ෂ්‍ය කීයද?
3 රුක් සටහනක එකම ලක්ෂ්‍යයෙන් විහිදෙන ශාඛ දෙකක සම්භාවිතාවන් $\frac{x}{7}$ සහ $\frac{3}{7}$ වේ. $x$ හි අගය කීයද?
4 රතු 4ක් හා කළු 3ක් ඇති මල්ලකින් ආපසු නොදමා දෙකක් ගනී. පළමුව රතු ගෙන ඇත්නම්, දෙවනුව කළු ලැබීමේ සම්භාවිතාව?
5 ඉහත ගැටලුවේ $P(R,B)$ එනම් පළමුව රතු ද දෙවනුව කළු ද ලැබීමේ සම්භාවිතාව?
6 ඉහත ගැටලුවේ වර්ණ දෙකෙන්ම එකක් බැගින් ලැබීමේ සම්භාවිතාව සොයන්න. (ඉඟිය: $P(R,B) + P(B,R)$)
7 ඉහත මල්ලෙන්ම (රතු 4, කළු 3) ආපසු නොදමා ගන්නා විට, දෙකම එකම වර්ණය වීමේ සම්භාවිතාව?
8 ඉහත පරීක්ෂණයේ 'අඩුම තරමින් එකක් හෝ රතු වීමේ' සම්භාවිතාව සෙවීමට 1 න් අඩු කළ යුත්තේ කුමක්ද?
9 කර්මාන්තශාලාවක යන්ත්‍ර 2ක් ඇත. A යන්ත්‍රය කැඩීමට ඇති සම්භාවිතාව 0.1 ද B යන්ත්‍රය කැඩීමට ඇති සම්භාවිතාව 0.2 ද වේ. යන්ත්‍ර දෙකම කැඩීමේ සම්භාවිතාව (ස්වායත්ත යැයි සලකා)?
10 ඉහත යන්ත්‍ර ගැටලුවේදී, යන්ත්‍ර දෙකම හොඳින් වැඩ කිරීමේ සම්භාවිතාව කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න