අප ගැන
EduHasitha.online පිටුපස ඇති කථාව සහ ඔබේ ගණිත ගමන සාර්ථක කිරීමට අපගේ දැක්ම
හසිත ජයරත්න
පළපුරුදු ගණිත ගුරුවරයෙක්
ආයුබෝවන්! මම හසිත ජයරත්න, භෞතික විද්යාව, පරිගණක විද්යාව සහ ගණිතය ඇතුළත් විද්යාවේදී (B.Sc.) උපාධියක් සහිතව දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව මගේ අධ්යාපනය සම්පුර්ණ කර ඇති අතර, වසර 7කට වැඩි කාලයක් ගණිත අධ්යාපනය සඳහා කැප කර ඇත්තෙමි.
මගේ උගැන්වීමේ ක්රමවේදය පදනම් වී ඇත්තේ සිම සිසුවෙකුගෙම අනන්ය උගෙනුම් විලාසය අවබෝධ කර ගැනීම මත ය. කුඩා කණ්ඩායම් සහ තනි පුද්ගල O/L පන්ති මගින්, සිසුන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාව ළඟා කර ගැනීමට අවශ්ය පුද්ගලික අවධානය සහ මග පෙන්වීම ලබා දෙමි.
මගේ සිසුන් නිරන්තරයෙන් විශිෂ්ඨ ප්රතිඵල ලබා ගනිමින්, ගණිතය කෙරෙහි ස්ථිර විශ්වාසයක් ගොඩනගා ගෙන තිබේ. EduHasitha.online වේදිකාව මගින්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින්, ඕනෑම දරුවෙකුට ඔවුන්ගේ නිවසේ සිට, ඔවුන්ගෙම වේගයෙන් උගෙන ගැනීමට අවස්ථාව සලසා දෙමි.
ඔබගේ දරුවාගේ ගණිතමය ගමන සාර්ථක කිරීමට මා සමඟ එක්වන්න. එක්ව අපි ඔබගේ දරුවාගේ අධ්යාපන අරමුණු සාක්ෂාත් කර ගනිමු!
අපගේ ජයග්රහණ
අපගේ උගැන්වීමේ ක්රමය
සාර්ථකත්වය සඳහා නිර්මාණය කරන ලද ක්රමවේදයක්
සිද්ධාන්ත (Theory)
සිම පාඩමක්ම මුල සිට සරලව, සජීවීකරණ (animations) සහ ප්රායෝගික උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරේ.
අභ්යාස (Practice)
සිම පාඩමක් අවසානයෙම අන්තර්ක්රියාකාරී අභ්යාස ලබා දෙන අතර, ඔබගේ ප්රගතිය ක්ෂණිකව පරීක්ෂා කෙරේ.
විභාග සූදානම (Exams)
කාලය කළමනාකරණය කර ගනිමින් විභාගයට මුහුණ දීමට විශේෂිත ආදර්ශ ප්රශ්න පත්ර සහ පුනරීක්ෂණ සැලසුම් කර ඇත.