වටැයීම හා විද්‍යාත්මක අංකනය

පාඩම 01: විද්‍යාත්මක අංකනය හැඳින්වීම

ප්‍රධාන පිටුව
පාඩමේ ප්‍රගතිය0%

1 විද්‍යාත්මක අංකනය යනු කුමක්ද?
☆

විද්‍යාත්මක අංකනය යනු විශාල හෝ කුඩා සංඛ්‍යා ලියා දැක්වීමේ ක්‍රමයකි. යම් සංඛ්‍යාවක් $1$ හෝ $1$ හා $10$ අතර සංඛ්‍යාවකත්, $10$ හි බලයකත් ගුණිතයක් ලෙස ලියා දැක්වීම විද්‍යාත්මක අංකනය ලෙස හැඳින්වේ.

පොදු ආකාරය: $A \times 10^n$
මෙහි $A$ යනු $1 \le A < 10$ වන සංඛ්‍යාවක් වන අතර, $n$ යනු නිඛිලයකි.

ප්‍රශ්නය 1: පහත විකල්ප අතුරින් විද්‍යාත්මක අංකනයෙන් දක්වා ඇති නිවැරදි සංඛ්‍යාව කුමක්ද?

2 1 ට වැඩි සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් ලිවීම
☆

දී ඇති සංඛ්‍යාවක දශම තිත, සංඛ්‍යාවේ වම් පසින්ම ඇති ශුන්‍ය නොවන ඉලක්කමට දකුණු පසින් පිහිටන සේ ගෙන යා යුතුය. දශම තිත වම් පසට ගෙන ගිය ස්ථාන ගණන, $10$ හි ධන දර්ශකයක් ලෙස යෙදේ.

උදාහරණය 1: $280000$
මෙහි දශම තිත ස්ථාන 5ක් වමට ගෙන යා යුතුය. එබැවින් $2.8 \times 10^5$.
උදාහරණය 2: $34.7$
දශම තිත ස්ථාන 1ක් වමට ගෙන යා යුතුය. එබැවින් $3.47 \times 10^1$.

ප්‍රශ්නය 2: $4240$ සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

ප්‍රශ්නය 3: $6$ සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් දැක්වෙන ආකාරය කුමක්ද?

3 විශාල සංඛ්‍යා ලිවීම
☆

මිලියනය වැනි විශාල සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් ලිවීම මගින් ඒවා පහසුවෙන් කියවීමට සහ ගණනය කිරීම් වලට යොදා ගැනීමට හැකියාව ලැබේ.

උදාහරණය 1: මිලියනය = $1000000 = 1 \times 10^6$
උදාහරණය 2: $2491.32 = 2.49132 \times 10^3$

ප්‍රශ්නය 4: මිලියන $7.5$ ක් විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න.

ප්‍රශ්නය 5: $289.325$ සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

පාඩම 01: විශාල සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් ලිවීම

28000 2.8 × 10 4

පාඩම් සාරාංශය

  • විද්‍යාත්මක අංකනය යනු සංඛ්‍යාවක් $A \times 10^n$ ($1 \le A < 10$) ආකාරයෙන් දැක්වීමයි.
  • දශම තිත වම් පසට ගෙන යන විට $10$ හි දර්ශකය ධන අගයක් ගනී.
  • විශාල සංඛ්‍යා කෙටි කර දැක්වීමට මෙම ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වේ.
ඊළඟ පාඩම වෙත යන්න →
🎉

LEVEL UP!